ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින වෙළෙඳ සබඳතා කඩිනමින් ශක්තිමත් කළ යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

40

ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්‍රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය සහ ඉන්දියාවේ 75 වන ජනරජ දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා – ඉන්දියා සමාජය (ීරස ඛ්බන් ෂබාස් ීදජසැඑහ) විසින් කොළඹදී සංවිධානය කර තිබූ විශේෂ සැමරුම් උත්සවයට එක් වෙමිනි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින වෙළෙඳ සබඳතා කඩිනමින් ශක්තිමත් කළ යුතුයි - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහභාගි වූ අතර විශේෂ ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා එක් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සනිටුහන් කරමින් විශේෂ සමරු තිළිණයක් ද පිරිනැමුණු අතර ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හි මෑතකාලීන විශේෂ අවස්ථා ඇතුළත් ‘මෛත්‍රී’ සඟරාව ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආගමික හා සංස්කෘතික වශයෙන් විශාල බැඳීමක් තිබෙනවා. ඒ වගේම අපේ රටවල් දෙකටම පොදු උරුමයන් පවතිනවා.

මෙවර 75 වන ඉන්දීය ජනරජ දින සංවත්සරයේ විශේෂත්වය වන්නේ මා පසුගියදා සිදු කළ ඉන්දීය නිල සංචාරයේ දී ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සමග එක්ව අත්සන් තැබු ‘දැක්ම’ ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමයි. ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කෙරෙන දැක්ම ප්‍රකාශය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට අප කැපවී සිටිනවා.

අපේ රටවල් දෙක අතර පවතින සංස්කෘතික හා ආගමික බැඳීම්, රටවල් දෙකම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වීම සහ රටවල් දෙකටම බි්‍රතාන්‍ය නීති පද්ධතියක් පැවතීම වැනි කාරණා පිළිබඳව අප නිරන්තරයෙන් සාකච්ඡා කර තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින වෙළෙඳ සහ ආර්ථික සම්බන්ධතාව අප අමතක කර තිබෙනවා.

එම සම්බන්ධතාව සංස්කෘතික බැඳීම්වලටත් වඩා ඔබ්බට ගිය සම්බන්ධතාවක් බව සිහිපත් කළ යුතුයි. මොහෙන්ජදාරෝ හරප්පා ශිෂ්ඨාචාරය පැවති කාලයේ සිට පවා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නැව් පැමිණි බව පැවසෙනවා. විශේෂයෙන් දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සැළකූ විට, අනුරාධපුරය, තන්ජාවූර්, මධුරෙයි සහ කාන්චිපුරම් යන රාජධානි හතර ඔවුන්ගේ ආර්ථික අවශ්‍යතා පිළිබඳ සැලකිලිමත් වූ ආකාරය අනුව එකිනෙකා සමග සන්ධානගත වී හෝ එකිනෙකා සමග සටන් කිරිම සිදුව තිබෙනවා. ඉන්දියානු රාජධානි තුනට බොහෝ අවස්ථාවල ලෝකයේ නැගෙනහිර රටවලට ප්‍රවේශ වීම සඳහා ප්‍රධාන වරායක් බවට පත් වූයේ ත්‍රිකුණාමල වරායයි. මුන්නේස්වරම් කෝවිල, මන්තායිහි හි පිහිටි කේතීස්වරම් කෝවිල, දඹකොළපටුන ලෙස හඳුන්වන යාපනයේ සිට පැමිණි අය වෙනුවෙන් ඉදිකර ඇති නගුලේස්වරම් කෝවිල, ත්‍රිකුණාමලයේ පිහිටි කොනේශ්වරම් කෝවිල යන මේ සියලු සිද්ධස්ථානවලින් හමුවී ඇති කාසි ප්‍රමාණයෙන් පැහැදිළි වන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති වෙළෙඳ සබඳතාව සහ දෙරට අතර සිදුවි ඇති ක්‍රියාකරකම් පිළිබඳවයි.

එමෙන්ම පැරණි ගම්මාන පිළිබඳ කැණීම් සිදුකිරීමේදී අනුරාධපුර ප්‍රදේශයේ ඇතැම් ස්ථානවලින් දකුණු ඉන්දියානු වෙළෙඳ සංවිධාන විසින් නිකුත් කරන ලද කාසි සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රුපියල සහ ඉන්දියානු රුපියල භාවිතා කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් තැබීමට පෙර සිටම, අතීතයේ සිටි පිරිස් වෙළෙඳ ගනුදෙනු සඳහා පොදු මුදල් ඒකකයක් භාවිතා කර තිබෙන බව මෙයින් පෙනී යනවා. ඒ අනුව මෙම සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමට දැන් අප කටයුතු කළයුතුයි. ප්‍රවාහන, බලශක්ති යන සියලු ක්ෂේත්‍රවල අප දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට අවශ්‍යයි.

ඒ වගේම ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම දකුණු ඉන්දියාවට පහසුකම් සැලසෙන පරිදි භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමු කළයුතුයි. ඒ අනුව අග්නිදිග ආසියාව සහ

බෙංගාල බොක්ක යන කලාපයන් සංවර්ධනය වන විට ත්‍රිකුණාමලය නැවත සංවර්ධනය කිරීම පිළිබඳ අපේ අවධානය යොමු කර තිබෙනවා. බෙංගාල බොක්ක කලාපය ආශ්‍රිත උපායමාර්ගික වටිනාකම නිසා කොළඹ වරාය භාවිතා කිරීම දැන් වැඩිදියුණු වෙමින් පවතිනවා. මෙහිදී ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබා ගන්නේ කෙසේද සහ ශ්‍රී ලංකාව සතු අතිරේක පුනර්ජනනීය බලශක්තිය දකුණු ඉන්දියාව සඳහා ලබාදෙන්නේ කෙසේද යන කරුණු පිළිබඳව අප කටයුතු කරමින් සිටිනවා.

සංචාරක කර්මාන්තය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සහ ඉන්දියාවට නිතර යන ශ්‍රී ලාංකිකයන් සිටිනවා. ඉන්දියාවේ සිට සංචාරකයින්

ශ්‍රී ලංකාවට පැමිණෙන තරමටම ශ්‍රී ලාංකික සංචාරකයින් විශාල පිරිසක් තිරුපති සහ අයෝධ්‍යා මෙන්ම ගුරුවායුවලට යනවා. අප සාමුහිකව කටයුතු කළාහොත් ඉන්දියන් සාගරය දියුණු වනවිට අපේ රටත් දියුණු වෙනවා. අපි ආර්ථික ඒකාබද්ධතාවය කරා ගමන් කරනවා. වෙනත් ක්‍රමයක් නැහැ. මෙහිදී අප යුරෝපා සංගමය සමග එක්වූ බි්‍රතාන්‍යය සිදු කළ දේ අනුගමනය නොකළ යුතුයි. පසුව ඉන් ඉවත්ව යනවා කියලා ඔවුන්ම තීරණය කළා. ඒ වගේම ඔවුන් තවමත් ඉන්දියාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට ඇතුළු වන ආකාරය සොයමින් සිටිනවා. එය සිදුවෙයි ද නැද්ද කියා මා දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත්, අපට තිබෙන අවස්ථාවන් අප අවබෝධ කරගත යුතුයි. අප ඉන්දියාව සමග එක්ව ඉදිරියට යන්නේ කෙසේද කියා සිතා බැලිය යුතුයි. එය ඉතා පහසු ක්‍රියාවලියක් බව කිව යුතුයි.

බැංගලෝර්වල සිටින අයෙකුට රාජස්ථාන්වලට යනවාට වඩා පහසුවෙන් නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණිය හැකියි. රාජස්ථාන්වලට යෑමට පැය දෙකක් ගතවුවත් ශ්‍රී ලංකාවට පැමිණීමට ගතවන්නේ පැයක කාලයක් පමණයි.

advertistmentadvertistment
advertistmentadvertistment