සංචාරක ව්‍යාපාරයේ ඉපයීම් 91.9%කින් ඉහළට

39

මේ වසරේ (2024) පළමු මාස හතරේ සංචාරක ව්‍යාපාරයෙන් උපයන ලද මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1251.6ක් දක්වා සියයට 91.9කින් වර්ධනය වී ඇත. ගිය වසරේ (2023) පළමු මාස හතරේ උපයන ලද මුළු සංචාරක ඉපයීම ඇමෙරිකානු ඩොලර් මිලියන 652.2ක් පමණක් විය.

ගිය වසරේ (2023) පළමු මාස හතරේ දී මෙරටට විදේශ සංචාරකයන් 441,177 දෙනකු පැමිණි අතර මේ වසරේ (2024) පළමු මාස හතරේ සංචාරක පැමිණීම් ප්‍රමාණය 784,651ක් දක්වා සැලකිය යුතු ලෙස වැඩිවී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment