සර්පයෙක් දෂ්ට කිරීමෙන් කිළිනොච්චියේ සිඟිත්තා මරුට

1345

කිළිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ අවුරුද්දකුත් මාස හතක් වයස සිඟිත්තෙකු සර්පයෙකු දෂ්ට කිරීමෙන් පසු ඉකුත් 16 දා මියගොස් තිබේ.

රාත්‍රී කාලයේදී මෙම දරුවා නිවසේ නිදාගෙන සිටියදී නිවස තුළට පැමිණ ඇති විෂ සහිත සර්පයෙකු ළමයාට දෂ්ඨකොට ඇත.

වහාම එම ළමයාව ධර්මපුරම් රෝහලට රැගෙන ගිය අවස්ථාවේදී රෝගී තත්ත්වය ඉතා බරපතළ බැවින් කිළිනොච්චිය රෝහලට දරුවාව මාරුකොට යවා ස්වල්ප වේලාවකට පසුව දරුවා මියගොස් තිබේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ තනුජන් ජැස්මින් නමැති අවුරුද්දකුත් මාසහතක් වයසැති පිරිමි දරුවෙකි. ධර්මපුරම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තර සටහන්කොට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මළසිරුර භූමදාන කටයුතු සඳහා ඥාතීන් වෙත භාර දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment