චෙස් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් 11 ක්

292

මැලේසියාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන්, රිදී හා ලෝකඩ පදක්කම් 11ක් දිනා ගත්හ.

රටවල් එකොළහක සහභාගිත්වයෙන් පැවැති එම තරගාවලිය ඊයේ (28) නිමාවට පත්වූ අතර ක්ලැසිකල් අංශයෙන් පදක්කම් 10 ක්ද බ්ලිට්ස් තරග අංශයෙන් එක් පදක්කමක් ද ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබුණි.

ක්ලැසිකල් තරග අංශයෙන් එක් රන් පදක්කමක් දිනා ගැනීමට නෙතුමි දිහන්සා සමත් වූවාය. එම තරග අංශයේම රිදී පදක්කම් පහක් හා ලෝකඩ පදක්කම් හතර බැගින් ශ්‍රී ලංකාව ජය ගත්තේය.

පෙසදු රස්මිත ලියනගේ, විනුක විජේරත්න, එලීෂා ප්‍රනාන්දු, ඔෂිනි ගෝමස් හා පසිදි විජේසූරිය රිදී පදක්කම් දිනාගත් අතර බි්‍රජෙස් සර්වනබවන්, එසදි නෙවන්සා, හසිනි රණසිංහ, සෙතික සමරවීර ලෝකඩ පදක්කම් දිනා දුන්හ.

බ්ලිට්ස් තරග අංශයේ ලෝකඩ පදක්කම හරිත හන්සන විසින් දිනා ගන්නා ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment