මිණිමුතු අධ්‍යාපන සැලසුම් සමගින් දරුවන්ට සුරක්ෂිත අනාගතයක්

100

රක්ෂණ ආයතන විසින් පාරිභෝගිකයන් සඳහා ලබාදෙන රක්ෂණ විසඳුම් අතරින් රැකවරණය මෙන්ම ආයෝජන ප‍්‍රතිලාභද ලබාදෙන අධ්‍යාපන සැලසුම් සුවිශේෂී රක්ෂණ විසඳුමක් ලෙස සැලකේ. අධ්‍යාපන සැලසුම් දිගු කාලීන ආයෝජනයක් ලෙස සැලකෙන අතර දෙමවුපියන්ට සිය දරුවන් සඳහා මූල්‍යමය වශයෙන් සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සඳහා සහය වෙයි.

ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 15 ක සංඛ්‍යාවක් පවතින නමුත් විශ්වවිද්‍යාලවල පවත්නා සීමිත ධාරිතාව හේතුවෙන් සෑම වසරකම විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින 350,000ක සිසුන් ප‍්‍රමාණය අතරින් වාර්ෂිකව ඇතුළත් කරගනු ලබන්නේ සිසුන් 30,000 ක් පමණි. වාර්ෂිකව ශ‍්‍රී ලාංකික සිසුන් 12,000ක් පමණ උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන අතර විදේශීය විශ්වවිද්‍යාල සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් පමණ ගෙවීම් සිදුකරයි. (මූලාශ‍්‍රය- World University News)

දිනෙන් දින ඉහළ යන අධ්‍යාපන වියදම් සහ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අරමුදලක් සැලසුම් කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දරුවන් සඳහා දීප්තිමත් අනාගතයක් සුරක්ෂිත කිරීමට ඉඩ සලසමින් විශ්වාසනීය රක්ෂණ විසඳුම් ඉදිරිපත් කර තිබේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මිණිමුතු අධ්‍යාපන සැලසුම් රැකවරණය මූල්‍ය සුරක්ෂිතභාවය හා දැරිය හැකි මිලකට ලබාගැනීම ආදී දෙමාපියන්ගේ රක්ෂණ අවශ්‍යතාවන් සඳහා ගැලපෙන අයුරින් තෝරාගැනීම සඳහා රක්ෂණ සැලසුම් රැසකින් සමන්විතය. තම දරුවන් සඳහා රැකවරණය සැලසීම සහ ඔවුන් ඇති දැඩි කිරීම වෙනුවෙන් සෑම දෙමව්පියෙකුම ප‍්‍රමුඛත්වය ලබාදෙන අතර ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා දරුවන්ගේ ජීවිතයේ ආරම්භයේ සිටම අනාගතය සැලසුම් කිරීම අත්‍යවශ්‍ය වේ. මිණිමුතු අධ්‍යාපන සැලසුම් නැණවත්ව ආයෝජනය කිරීම තුළින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා පවත්නා සුවිශේෂී විසඳුමක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම දෙමව්පියන්ගේ අනපේක්ෂිත වියෝවකදී දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට හැකියාව ලබාදීමෙන් දෙමවුපියන්ට දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින දුෂ්කරතාවයන් අවම කරයි. මෙම මිණිමුතු අධ්‍යාපන සැලසුම් සමඟින් දරුවන්ගේ අනාගතය මූල්‍යමය වශයෙන් සුරක්ෂිත කිරීම තුළින් ඔවුන්ට අධ්‍යාපනයට ප‍්‍රවේශ වීමට සහ ඔවුන්ගේ සිහින හා අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇති හැකියාව සහතික කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment