LOLC දීප ව්‍යාප්ත මානුෂීය වැඩසටහනක් දියත් කරයි

102

දිවයිනේ විශාලතම විවිධාංකෘත සමූහ ව්‍යාපාරය වන LOLC දිවි සවිය දීප ව්‍යාප්ත මානුෂීය වැඩසටහන ආරම්භ කරන ලදී.

ශ්‍රී ලාංකීය ජනගහනයෙන් බහුතරයක් කෘෂිකාර්මික, වගාකටයුතු සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දෛනික වැටුප් ලබන ප්‍රජාවන්ට අයත්වේ, වර්තමාන ආර්ථික අවපාතය හමුවේ ඔවුන් බොහෝ දෙනෙකුට අමුද්‍රව්‍ය මිලදී ගැනීමට හැකියාවක් නොමැති අතර, ඇතමුන්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිවී තිබේ. බොහෝ ජනතාවට සිය පවුල් පෝෂණය කිරීමට ප්‍රමාණවත් දෛනික ආදායමක් ලබා ගැනීමට නොහැකිවී ඇත.

කඩිනම් ප්‍රජා පහසුකම් සපයන්නෙකු ලෙස පෙරමුණේ සිටින LOLC විපත් සහ ආපදා අවස්ථාන්හිදී තිරසාර ලෙස ජාතිය පෝෂණය කර තිබේ. මෙම අසීරු හා දුෂ්කර තත්වයන් යටතේ LOLC, දිවිසවිය ව්‍යාපෘතිය හරහා දිවයිනේ වඩාත්ම අසරණ පුද්ගලයන්ගේ මූලික අවශ්‍යතාවන් සපුරාලීම සඳහා යලි ඉදිරිපත් වී සිටී.

මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි අත්‍යාවශ්‍ය සහන සැපයීම තුලින් ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ මූලික අවශ්‍යතාවන් සපුරාලීම සඳහා සැලසුම් කර ඇත. සහන පැකේජයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වියළි සලාක ඇතුළත්වේ. එක් සහන මල්ලක් සහල්, පිටි, පරිප්පු, සීනි, නූඩ්ල්ස්, තේ, ලුණු, සෝයා-මීට් සිට කුළුබඩු දක්වා කිලෝග්‍රෑම් 10 ක භාණ්ඩ වලින් සමන්විතවේ.

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා විසින් පළමු සහන මල්ල බෙදාහැරීමේ කණ්ඩායමට බාරදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment