සිරිමාවෝත් එදා සභාපති පදවිය හෙබවූ 95 වැනි සංවත්සරය සමරන ලංකා මහිලා සමිතිය

63

95 වැනි සංවත්සරය නිමිත්තෙනි

අපි සැමටම සෑම විටම සෑම ලෙසම යහපත සලසමු, අපි සිතිවිලි – වචන, ක්‍රියා යන මැයෙන් සැම විටම පිරිසිදු වෙමු, අපි අනුන්ගේ වරද සෙවීමෙන් තොරව අනුන්ගේම යහපත උදෙසාම සිත් යොදවමු, අපි අපේ ව්‍යාපාරවල ප්‍රතිඵල බලාපොරොත්තු වීමට ඉක්මන් නොවෙමු, අපි අප අතරේ යම්කිසි වෙනසක් ඇතත් එකම මවකගේ දරුවන්සේ පරාර්ථ සේවයේ යෙදෙමු, අපි සියලු කල්හි සියල්ලන් කෙරෙහි මෛත්‍රී- කරුණා – මුදිතා – උපේක්‍ෂා යන ගුණ දහම් වඩමු, අපි නිකම් සිටීම අවනම්බුවක් බව සලකා අපේ ආර්ථිකය නඟාසිටුවීමට ගොවිකම් හා අත්කම්වලින් අපි ශක්තිමත් වෙමු යන ලංකා මහිලා සමිති ප්‍රතිපත්ති මාලාවන් ඔස්සේ අදටත් ක්‍රියාත්මක වන මීට අවුරුදු 95කට පෙර ආරම්භ වූ ලංකා මහිලා සමිතියේ 95 වැනි සංවත්සරයේ සංවත්සර උත්සවය එම සමිතියේ මූලස්ථානය වන මාලඹේ වැලිවිට පිහිටි මහිලා සමිති මූලස්ථානයේදී පැවැත්විණි.

ඒ නිමිත්තෙන් එම සමිතිය විසින් සමාජ සේවා හා ආගමික සේවා රැසක් සිදු කරයි.

සිරිමාවෝත් එදා සභාපති පදවිය හෙබවූ 95 වැනි සංවත්සරය සමරන ලංකා මහිලා සමිතිය

ක්‍රියාකාරී සාමාජිකාවන් වර්තමාන සභාපතිනිය තිලකා පෙරේරා සහ ජනධිපති ආර්්‍යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මීන් සමග.

සෞඛ්‍ය හා අධ්‍යාපන තත්ත්වයන් නංවාලීම, පවුල් ජීවිතය සැපවත් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීම, කෘෂිකාර්මික කටයුතු ගම් මට්ටමින් දියුණු කිරීමට දිරි ගැන්වීම, සමාජය කෙරෙහි වගකීම් හා නායකත්වය ලබා දීමට සුදුසුකම් දැරීමට සුදුසුකම් ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් අභිප්‍රායන් මුදුන්පත් කරමින් මහිලා සමිතිය විසින් ප්‍රාදේශීය මට්ටමින් සිදුකරන සේවය මිල කළ නොහැකිය.

මීට වසර 95කට ඉහතදී ජාත්‍යන්තර වශයෙන් කැනේඩියානු ජාතික ලෝක සංගමයේ සභාපතිනි වෛද්‍ය අරෝටි ඩට් මහත්මිය විසින් ආරම්භ කළ මෙම සමිතියේ මූලික සංඛ්‍යාව වූයේ සාමාජිකාවන් 41 දෙනෙකි. එයින් ආරම්භ කෙරෙනු දැනට මෙම සමිතියේ සාමාජිකා සංඛ්‍යාව දස දහසට වඩා ඉක්මවා ඇත.

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මැතිණිය ද මෙම සමිතියේ සභාපතිත්වය දරා ඇත.

මහිලා සමිතිය විසින් ඉටු කරන ප්‍රජා සද්කාර අතරින්, නිවසට සීමාවූ කාන්තාවන් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය දියුණු කරදීමට මහිලා සමිතියෙන් ලබාදෙන වෘත්තීය පුහුණු පාඨමාලාවන් සිය ජීවිතය නඟාසිටුවන්ට ඉවහල් වන අයුරින් සහයෝගය ලබාදීම ඇතුළු ප්‍රජා සද්කාර ගණනාවක් මහිලා සමිතිය විසින් ප්‍රාදේශීය මට්ටමින් හා ග්‍රාමීය මට්ටමින් සිදුකිරීම අගය කළ යුතු සේවාවක් හැටියට අගය කළ යුතුය.

විශේෂයෙන්ම මෙම සමිතියේ විශේෂත්වය වන්නේ ප්‍රාදේශීය මට්ටමින් ක්‍ෂේත්‍ර නිලධාරීන් පත්කොට ඔවුන්ගේ නොමසුරු කැපවීම හා අවංක සේවාවන් ඔස්සේ ග්‍රාමීය මට්ටමින් ආර්ථික අපහසුවෙන් පසුවන පවුල්වලට මෙම සමිතිය විසින් සිදුකරන සේවය අමරණීය සේවයක් සේ සැලකිය යුතු බවයි.

සටහන හා ඡායාරූප – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment