සුපිරි ක්‍රීඩකයන් සමගින් ලෝක කුසලානයට පෙරහුරු තරගාවලියක්

262

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ‍්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් පියවරක් ලෙස ආරාධිත 20යි 20 ක‍්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එ් අනුව මෙම තරගාවලිය, ජාතික සහ පළමු පෙළ නියෝජනය කරනු ලබන ක‍්‍රීඩකයින්ගේ

සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත බව ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී.

තරගාවලිය ලබන අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එහිදී කණ්ඩායම් හතරක් තරගවැදීමට නියමිතව තිබේ. තරගාවලිය මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

දිනකට තරග දෙක බැගින් පැවැත්වෙන අතර එහිදී පළමු තරගය පසුවරු 2.30ට සහ දෙවැනි තරගය පසුවරු 7.30ට ආරම්භ වීමට නියමිතව තිබේ. තරගාවලියේ මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 6 කට ක‍්‍රීඩා කරන අතර ප‍්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් අගෝස්තු 24 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුසුදුකම් ලබනු ඇති.

ශ‍්‍රී ලංකාවේ ඉදිරි තරග කාලසටහනට අනුව වැදගත් තරගාවලි කිහිපයක්ම පැවැත්වෙන බැවින්, ඊට අවශ්‍ය තරග පුහුණුව ලබාදීම මෙම තරගාවලිය සංවිධාන කිරීමේ ප‍්‍රධාන අරමුණ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කියා සිටී.

කසුන් රණවීර


advertistmentadvertistment