48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල නෙට්බෝල් ශූරතාව බස්නාහිරට

93

දක්ෂතම ක්‍රීඩිකාව දෙව්නා රන්දිනී

ශූරියෝ (බස්නාහිර පළාත)

දේශීය කෙළිබිමේ සුවිශාලතම ක්‍රීඩා එකතුව ලෙස සැළකෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ නෙට්බෝල් ශූරතාව දිනා ගනිමින් ඒ සඳහා පිරිනමන ලද රන් පදක්කම ගෙල පැළඳ ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කළ ක්‍රීඩීකාවන් සමත් වූහ.

මෙවර නෙට්බෝල් ශූරතාව දිනා ගැනීම උදෙසා බස්නාහිර පළාත වෙනුවෙන් අනගි ක්‍රීඩා රටාවක නිරත වූ එච්. දෙව්නා රන්දිනී සිල්වා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කිරීමට සංවිධායක මණ්ඩලය සහ විනිශ්චය මඬුල්ල පියවර ගත්තේය. අවසාන තරගයේ දී මෙන්ම අවසාන පූර්ව වටයේ දී හා අර්ධ අවසාන පූර්ව වටයේ දී ප්‍රදර්ශනය කළ දක්ෂතාව මත මෙම නම් කිරීම සිදු කර තිබේ.

48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල නෙට්බෝල් ශූරතාව බස්නාහිරට

අනු ශූරියෝ (මධ්‍යම පළාත)

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් රත්නපුර ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩාගාරයේ දී පැවති 48 වැනි ජාතික මහා ක්‍රීඩා නෙට්බෝල් තරගාවලියේ අනු ශූරතාව මධ්‍යම පළාත දිනා ගන්නා අතර වාරයේ දී දකුණු පළාතට තෙවන ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල නෙට්බෝල් ශූරතාව බස්නාහිරට

තියුණු අවසන් තරගයකින් අනතුරුව අනු ශූරතාවය සමගින් රිදී පදක්කම තහවුරු කර ගැනීමට මධ්‍යම පළාත සමත් වීම ඒ අතරේ කැපී පෙණුනි.

බස්නාහිර සහ මධ්‍යම අතර පැවති මෙවර අවසන් තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම තියුණු හා උණුසුම් මුහුණුවරක් ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ ජයග්‍රහණය දෙපිල වෙතම දෝලනය වන ආකාරයක් දිස් විය. මධ්‍යම පළාතෙන් එල්ල වූ අභියෝගයට අසීරුවෙන් මුහුණ දෙමින් ලකුණු 38 – 34 ක ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට බස්නාහිර ක්‍රීඩිකාවන් සමත් වූහ.

ප්‍රථම, දෙවන සහ සිව් වන කාර්තු ජය ගැනීමට බස්නාහිර සමත් වන අතර වාරයේ දී තෙවන කාර්තුවේ ජයග්‍රහණය මධ්‍යම පළාත සතු විය. පළමු කාර්තුවේ දී ලකුණු 09 – 07 ක් ලෙස ද දෙවන කාර්තුවේ දී ලකුණු 13 – 07 ක් ලෙස ද සිව් වැනි කාර්තුවේ දී ලකුණු 09 – 06 ක් ලෙස ද බස්නාහිර පෙරමුණ ගත්තේය. තෙවැනි කාර්තුවේ දී මධ්‍යම පෙරමුණ ගත්තේ ලකුණු 14 – 07 ක් ලෙසිනි.

වයඹ පළාතට එරෙහිව ලකුණු 43 – 34ක ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට සමත් වූ දකුණු පළාතට ලෝකඩ පදක්කම හිමි විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment