ප්‍රභාත් විතාන

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර නිෂ්පාදකයෙකු වන ඉන්දියාවේ TVS මෝටර් සමාගම එහි නවීනතම විද්්‍යුත් ස්කූටරය වන TVS iQube ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත පසුගියදා කොළඹදී හඳුන්වා දෙනු ලැබීය.

TVS මෝටර් සමාගමෙහි ඇති අති දක්ෂ ඉංජිනේරු හැකියාවන්ගෙන් බල ගැන්වුණු TVS iQube කාර්යක්ෂමතාවය, සුවපහසුව, මනා නිමාව සහ ආරක්ෂාව සහතික කරයි. දශක 2 ක කාලයක් ශ්‍රී ලංකාව තුළ සාර්ථකව මුල් බැසගත් සහ යතුරුපැදි ක්ෂේත්‍රයේ 38% වෙළෙඳපොළ කොටස සමඟින් දිවයිනේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන TVS ලංකා පුද්ගලික සමාගම සමග අත්වැල් බැදගෙන සිටින අලෙවියෙන් පසු සේවා ජාලය මඟින් මෙම නිමැවුම සඳහා සියලු‍ සේවා පහසුකම් සපයයි.

සාමාන්‍ය 125 cc ස්කූටරයකට සමාන 4.6 KW ක උපරිම බලයක් සහිත, TVS iQube තත්පර 4.2 ක් තුලදී පැයට කිලෝමීටර 40ක වේගයක් ලඟා කරගත හැක. උසස් Lithium-Ion (ලිතියම් අයන්) බැටරි තාක්ෂණය උපයෝගී කරගනිමින් නිමවූ මෙම ස්කූටරය දිගු බැටරි ආයු කාලයක් සහතික කරයි. Lithium-Ion බැටරි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අතර පාරිසරික බලපෑමද ඉතා අවම වේ. පැය 4 විනාඩි 30ක කාලයකින් බැටරිය 80% දක්වා ආරෝපණය කල හැකි අතර ඕනෑම තැනකට රැගෙන යා හැකි සහ නිවසේ ඇති ඕනෑම විදුලි පේනුවකට සම්බන්ධ කල හැකි 650උ ක චාජරය නිසා TVS iQube පාරිභෝගිකයන්ට බැටරිය ආරෝපණය කිරීමේදී මනා පහසුවක් ලබා දෙයි. Lithium Ion බැටරි 2ක් සමඟින් මනාව නිමැවු සහ ඉහල කාර්යක්ෂමතාවයක් සහිත TVS iQube ශ්‍රී ලංකාව පුරාවට කිලෝමීටර් 1463ක දුරක් දින 7ක් තුල ධාවනය කර ඇදහිය නොහැකි වාර්තාවක් පිහිටුවා ඇති අතර එම ගමනේදී 16 වතාවක් ආරෝපණය කිරීමට වැය වී ඇත්තේ රුපියල් 2522ක් පමණි.

TVS iQube ස්කූටරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

මෙම දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් TVS මෝටර් සමාගමේ විද්‍යුත් වාහන අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මනු සක්සේනා මහතා පැවසුවේ, TVS iQube ස්කූටරය ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් වශයෙනි. TVS iQube හි ධාවන වියදම පෙට්‍රල් ස්කූටරවලට සාපේක්ෂව 85% කින් අඩු කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ පාරිභෝගිකයන් හට වාර්ෂිකව රුපියල් 120,000 ක සැලකිය යුතු ඉතිරියක් ලබා දේ. TVS iQube හි අසමසම Lithium Ion බැටරි තාක්‍ෂණය සහ ගෝලීය වශයෙන් සිටින පාරිභෝගිකයින් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවකගේ තෘප්තිමත් භාවයේ වාර්තාව අනුව ශ්‍රී ලංකාව තුළ විදුලි වාහන ගමනාගමනය යළි නිර්වචනය කරනු ඇතැයි අපට විශ්වාසයි.”‍

ඡායාරූප නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment