අගමැතිගේ සහන අයවැයෙන් රජයේ සේවක වැටුප් වැඩි කරයි

528

ජීවන වියදම වැඩි වීමට මුහුණ දීම සඳහා සහන අයවැයෙන් රජයේ සේවකයන්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ දිනෙන් දින වැඩිවන ජීවන වියදමට මුහුණ දීමට රජයේ සේවකයන්ට ශක්තියක් දීම සඳහාය.

2015 වසරේ යහපාලන රජය බලයට පත් වූ විගස දින සියයක් ඇතුළත රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට පියවර ගත් අතර මේ අවස්ථාවේදී කාලයත් සමඟ ජීවන වියදම වැඩිවීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ යුතු බව අයවැය යෝජනා සකසන නිලධාරීන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත යහපාලන රජය සමයේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව දෙගුණයක පමණ වැටුප් වැඩි කිරීමක් සහන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට සමාන්තර ලෙස පෞද්ගලික අංශයේද වැටුප් වැඩිකරන ලෙස අගමැතිවරයා අයවැය ඉදිරිපත් කරමින් ඉල්ලා සිටීමට නියමිතය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment