අතරමැදි ශ්‍රේණි ළමුන් ඇතුළත් කිරීම ගැන නිවේදනයක්

194


ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ජාතික පාසල්වල 02 සිට 04 හා 07 සිට 10 යන අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දී අදාළ චක්‍රලේඛන අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 21 දිනෙන් පසු ව ජාතික පාසල් දැනුම්වත් කරනු ලැබේ.

එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් කරනු නොලබන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment