ඉසිපතන සහ ශාන්ත පීතර අපරාජිතයි

203

ඩයලොග් ලීග් ශූරතා පාසල් රග්බි තරඟාවලිය යටතේ තම අපරාජිත බව තවදුරටත් ආරක්ෂා කර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

ඒ අනුව “ප්‍රමුඛ පෙළ – 1” කාණ්ඩය යටතේ තරග වැදුණු ප්‍රතිවාදී සියලුම පාසල් පරාජය කරමින් පෙරමුණ ගැනීමට ඉසිපතන විදුහලට හැකිවූ අතර ප්‍රතිවාදී පාසල් 05 ක් අභිබවමින් “ප්‍රමුඛ පෙළ – 2” කාණ්ඩයේ පෙරමුණ ආරක්ෂා කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.

ඩී. එස්. සේනානායක විදුහල හමුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල ලකුණු 03 කින් ද මහනුවර ත්‍රිත්ව විදුහල හමුවේ කොළඹ රාජකීය විදුහල ලකුණු 03 කින් ද ශාන්ත පීතර හමුවේ ගල්කිස්ස විද්‍යා විදුහල ලකුණු 29 කින් ද ඉසිපතන විදුහල හමුවේ වෙස්ලි විදුහල ලකුණු 13 කින් ද මහනුවර ශාන්ත අන්තෝනි විදුහල හමුවේ මහනුවර

කිංග්ස්වුඩ් විදුහල ලකුණු 16 කින්ද කොළඹ සහිරා විදුහල හමුවේ මහනුවර විද්‍යාර්ථ විදුහල ලකුණු 20 කින් ද ඉකුත් සති අන්තයේදී පරාජය වූයේය.

තරග ප්‍රතිඵල

ඩී.එස්. 13 – ශාන්ත තෝමස් 10

ත්‍රිත්ව 13 – රාජකීය 10

ඉසිපතන 24 – වෙස්ලි 11

ශාන්ත පීතර 29 – විද්‍යා විදුහල 00

ශාන්ත අන්තෝනි 26 – කිංග්ස්වුඩ් 10

සහිරා 23 – විද්‍යාර්ථ 03
අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment