ඊජිප්තු තානාපති ජනපති හමුවෙයි

315

සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ඊජිප්තු තානාපති හුසේන් අල් සහාර්ටි මහතා ඊයේ  (18 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවිය.

 ඊජිප්තු සිවිල් සංවිධාන සම්බන්ධීකාරවරයකු ලෙස නව පත්වීම් ලබා ඇති තමා ශ‍්‍රී ලංකාව සමග සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉදිරියටත් ක‍්‍රියාකරන බව පැවසීය. දෙරට අතර ආරක්‍ෂක සබඳතා සහ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කර ගැනීමේ අවශ්‍යතාව හුසේන් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 ඊජිප්තු තානාපතිවරයා ලෙස හුසේන් මහතා මෙරටට ලබාදුන් සේවය ජනාධිපතිවරයා විසින් ඇගයීමට ලක් කෙරිණ.

 ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ ඊජිප්තු තානාපති කාර්යාලයේ උපදේශක කරීම් අබුලෙනයින් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment