කැබ් රථයක ගැටී තිදෙනෙක් මරුට

384

අනුරාධපුරය, රඹෑවේ අද අලුයම සිදුවූ බිහිසුණු අනතු‍රකින් තිදෙනෙකුට දිවි අහිමි වී තිබේ.පොලීසිය පැවසුවේ අනුරාධපුර, රඹෑව මාර්ගයේ අද අළුයම කැබ් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.සංගීත සංදර්ශනයකින් අනතුරුව නිවෙස් බලා ගමන් කරමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.අනතුරින් මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙකි. කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කර තිබුණි.අනතුර සිදුකළ කැබ් රථය පළාගොස් ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment