කුරුණෑගල මන්ත්‍රී රත්නසේකරගේ පක්‍ෂ කාර්යාලයට අලාභ කළැයි ඇල්ලූ තරුණයෝ සිව්දෙනා රිමාන්ඩ්

262

පසුගිය 09 දා ගෝල්ෆේස්හි ගෝටාගමට එල්ල කරන ලද මැර ප්‍රහාරයෙන් අනතුරුව දිවයින පුරා හටගත් කලබලකාරී වාතාවරණය හේතුකොට ගෙන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ගුණපාල රත්නසේකර මහතාගේ පඬුවස්නුවර පිහිටි පක්ෂ කාර්යාලයටද දැඩි අලාභ හානි සිදුවිය.

මේ සම්බන්ධයෙන් සැකපිට හෙට්ටිපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ප්‍රදේශයේ තරුණයන් සිව්දෙනකු පසුගිය 24 වෙනිදා හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සැකකරුවන් හට පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර තිබූ අතර විත්තියේ නීතිඥයන් මෙය පොදු දේපළක් නොව මෙය මන්ත්‍රීවරයකුගේ පෞද්ගලික පක්ෂ කාර්යාලයක් බවට කරුණු ඉදිරිපත් කළ නමුත් සැකකරුවන් ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබීය.

බිංගිරිය – සෝමසිරි ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment