කොරියානුවන් හමුවීමට වෙලාවට ආවා මාධ්‍ය වාර්තා වැරදියි

198

රාජ්‍ය ඇමැති අනූපගෙන් සීඅයිඩීයට පැමිණිල්ලක්

කොරියානු නියෝජිත පිරිසක් හමුවීමට තමා ප්‍රමාදවී පැමිණි බවට මාධ්‍ය මගින් පළවූ වාර්තා සත්‍යයෙන් තොරවූ බවටත් ඒ සම්බන්ධව විමර්ශනයක් සිදු කරන ලෙසටත් ඉල්ලා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අනූප පැස්කුවෙල් මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඉකුත් 24 වැනිදා පැමිණිල්ලක් සිදු කළේය.

එම නියෝජිත පිරිස හමුවීමට නියමිතව තිබුණේ පෙරවරු 9.30 ට බවත් තමා පෙරවරු 9.27 වනවිට පැමිණි බවත් පැවසූ රාජ්‍ය ඇමැතිවරයා මෙම සිදුවීම වැරදි ආකාරයෙන් වාර්තාවී ඇතැයිද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment