විකෘති වූ රට ප්‍රකෘති කළ හැකි බලවේගය සජබයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි

101

අද වන විට මුළු රටම විකෘති වී ඇති බවත්, ඒ අනුව රටේ ආණ්ඩුව, ආර්ථිකය, ජන ජීවිත, සෞඛ්‍ය පද්ධතිය, හැසිරීම් රටාවන් ආදී සෑම පැත්තක්ම විකෘති වී ඇති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ පවතින විකෘතිය වෙනස් කොට රට ප්‍රකෘති කළ හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව පැවසීය.

විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව දැනුවත් භාවය ඇති වෘත්තිකයන්ට සවන් නොදෙන, විශේෂඥයින්ට සවන් නොදෙන ආණ්ඩුවක් රට ගොඩනගන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා එහි ආසන්නම උදාහරණය වන්නේ විදුලි ඉංජිනේරුවන් විසින් කලට වේලාවට ගල් අඟු‍රු ටික ආනයනය කොට තබා ගන්නයැයි කියා කරන ලද ඉල්ලීමට ආණ්ඩුව දැක්වූ මන්දගාමී සහ වැරදි ක්‍රියා ක්‍රියාමාර්ගය යැයිද පැවසීය. ගල් අඟුරු රැස් කොට තබා ගැනීමේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙනවා වෙනුවට ඇමැතිවරයා විසින් විදුලි ඉංජිනේරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න තත්වයට පත්ව ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා මෙවැනි අන්තනෝමතික තීන්දු තීරණ හේතුකොට ගෙන රටම විකෘති වන බව ද පැවසීය.

සමගි ජන බලවේගයෙන් හුස්මක් 56 අදියර යටතේ රු.3,900,000.00 වටිනා රෝහල් උපකරණ අක්කරෙයිපත්තු රෝහලට පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් 24දා සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment