ජනපති කුවේට් අගමැති හමුවේ

253

එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගීවීමට නිව්යෝක් නුවරට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් – හමාඩ් අල් – සබා මහතා අතර හමුවක් පෙරේදා (19දා)පෙරවරුවේ නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී සිදු විය.

දෙරට අතර පනස් වසරක සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ නායක දෙපළ එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව සඳහන් කළහ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ල ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment