ඉදිරි වසරට ගෑස් කොන්ත්‍රාත්තුවේ 50%ක් වත්මන් සැපයුම්කරුට ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

141

ඉදිරි වසර සඳහා එල් පී ගෑස් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් සියයට 50 ක් වර්තමාන සැපයුම්කරු වෙතින් සපයා ගැනීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත එල් පී ගෑස් මෙටි්‍රක් ටොන් 2,80,000 ක් සපයා ගැනීම සඳහා වන කාලීන කොන්ත්‍රාත්තුව දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිතය.

ඒ අනුව 2024 – 2025 කාලසීමාව සඳහා එල් පී ගෑස් සැපයීම සඳහා මේ වනවිට ලංසු කැඳවා තිබේ.

එතෙක් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇති බැවින් නව ගිවිසුම්වලට එළැඹීම එකී ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලියට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇති බැවින් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිම වනතෙක් බාධාවකින් තොරව එල් පී ගෑස් සපයා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment