ඩුබායි සිට පැමිණි බිරිඳගේ බෙල්ල කපා මරා සැමියාත් ගසක එල්ලිලා

1537

පවුල් ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් දඹුල්ල කොට්ටවෙල ප්‍රදේශයේදී පෙරේදා (04 දා) සැමියා විසින් බිරිඳගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇතැයි දඹුල්ල පොලිසිය සඳහන් කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගීතා කුමාරී කරුණාතිලක නමැත්තියක වන අතර ඇය, කොට්ටවෙල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඝාතනය කර ඇති කාන්තාව පසුගිය මස 31 දා ඩුබායි දේශයේ සිට මෙරටට පැමිණ සිය මවගේ නිවසේ රැඳී සිටියදී සැමියා විසින් මෙලෙස ගෙල කපා ඝාතනයට ලක් කර ඇතැයි පොලිසිය පවසයි.

දීර්ඝ කාලයක සිට මෙම අඹු සැමියන් අතර පැවැති පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.

නිදි යහනේදී සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කළ සැකකාර සැමියා ද ඊයේ (05 දා) සිද්ධිය සිදු වූ නිවස ආසන්නයේ ගසක එල්ලී සියදිවි හානි කරගෙන ඇතැයි පොලිසිය පවසයි.

මියගිය කාන්තාව සැමියාට නොදන්වා 2019 වසරේදී ඩුබායි රාජ්‍යයේ පෞද්ගලික රෝහලක සේවයට ගොස් ඇති අතර ඇය පසුගිය අගෝස්තු 31 දා මෙරටට පැමිණ තිබේ.

මෙම ඝාතනය සිදු කළ සැකකාර සැමියා තමා ද සිය දිවි හානි කර ගන්නා බව සිය දරුවන්ට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇතැයි ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ දඹුල්ල පොලිසිය සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment