තරුණයා මැරුණේ රෝහලේ වරදින් යැයි කියා යාපනය රෝහලේ බඩු භාණ්ඩ කඩලා

32

යාපනයේදී මාර්ග අනතුරකින් තරුණයෙකු මියයෑමත් සමගම මියගිය තරුණයාගේ මිතුරන් විසිපස් දෙනකු පමණ යාපනය ශික්ෂණ රෝහල තුළට කඩාවැදී රෝහලේ භාණ්ඩවලට දැඩි ලෙස හානි සිදු කොට පෙරේදා (07 දා) පලාගොස් තිබේ.

වියරුවෙන් පැමිණි මිතුරන් කෑ කෝ ගසමින් ප්‍රකාශ කොට ඇත්තේ යාපනය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ වරදින් තම මිතුරා මියගිය බවයි.

කෙසේ වෙතත් තරුණයන් පහරදීම නිසා රුපියල් ලක්ෂ තුනක පමණ අලාභයක් යාපනය ශික්ෂණ රෝහලට සිදුව ඇති අතර තරුණයන්ගේ පහරකෑම් වලට ලක්වූ රෝහල් සේවකයන් දෙදෙනකුද තුවාල ලබා ඇත.

මේ සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලය යාපනය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව ප්‍රහාරයට පැමිණි තරුණයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment