තිබහට වැඩිපුර තැඹිලි බොන්න එපා

3794

පවතින උණුසුම් කාලගුණය හමුවේ අප බොහෝ දෙනා නිතර නිතර අධික ලෙස දහදිය දැමීමට ලක්වෙති. මෙලෙස නිතර දහදිය දැමීම නිසා සිරුරින් පිටවන ජලය ප්‍රමාණයද අධිකය. එනිසා නිතර තිබහ ඇතිවීම සහ මුත්‍රා ආසාදනවලට ලක්වීමේ අවදානම ඉහළ ගොස් ඇත.

මුත්‍රා ආසාදනවලට ලක්වීම

මුත්‍රා ආසාදනයකට ලක්වූ විට මුත්‍රාවල පැහැය වෙනස් වේ. යටිබඩ ප්‍රදේශයෙන් වේදනාවක් හට ගනී. මුත්‍රා පහ කරනවිට දැවිල්ලක් හටගනී. මුත්‍රා මාර්ගය ප්‍රදේශයේ කැසීමක් ඇති වේ.

මුත්‍රා ආසාදන ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපානුයේ මුත්‍රාශයට විෂබීජ ඇතුළු වීමය. එවිට පිරිමි අයගේ පුරස්ථී ග්‍රන්ථි ඉදිමුමට ලක්වීම, ප්‍රවහන ශක්තිය පිළිබඳ ගැටලු මතුවීම සිදුවිය හැකිය. ඊට අමතරව වකුගඩුවලට බලපෑම් ඇතිවිය හැකිය.

මුත්‍රා ආසාදන පාලනය

මුත්‍රා ආසාදන ඇතිවීම පාලනය සඳහා ප්‍රධාන වශයෙන්ම කළ යුත්තේ හොඳින් පිරිසිදු ජලය පානය කිරීමය. පිරිසිදු ජලය යනු උණු කර නිවාගත් ජලය වේ. වැවේ ජලය, ඇළේ ජලය, ගඟේ ජලය, ළිඳේ ජලය තුළ මේ දිනවල විෂබීජ බහුලව තිබිය හැකිය. වියළි කාලගුණය නිසා පොළවේ ජලය සිඳී යෑම නිසා මෙම තත්ත්වය හටගනී.

මෙලෙස පිරිසිදු ජලය දිනකට බෝතල් හතරක් පමණ පානය කළ යතුය. පවතින උණුසුම් කාලගුණය හමුවේ වතුර බෝතල් පහක්, හයක් පානය කිරීම වරදක් නැත.

ජලය අපගේ සිරුරේ රුධිර ඝනත්වය පාලනය කිරීමට අවශ්‍යය. මළ කැටි කිරීම සඳහා අවශ්‍ය මුත්‍රා පිරිසිදු වීම සඳහා අවශ්‍යය.

ජලය පානයට අමතරව තැඹිලි, කුරුම්බා ආදියද පානය කළ හැකිය. එහිදී නිතර තැඹිලි පානය ගුණදායි නැත. එහි සීනි අධිකය. නමුත් කුරුම්බා තුළ සීනි අඩංගුව පවතින ප්‍රමාණය අඩුය. එනිසා නිතර කුරුම්බා පානය ගුණදායකය.

කිරල ගෙඩි මිරිකා පොල් කිරි මද ප්‍රමාණයක් දමා පානයක් ලෙස සකස් කර පානය කිරීම ගුණදායකය. ගස් කරල් ගැබ, නීරමුල්ලි, රණවරා සහ බෙලි ගසේ පංචාංගය තම්බා දිනපතා පානය ගුණදායකය.

පංචාංගය යනු කොළ, මල්, පොතු, ගෙඩි සහ මුල්ය.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 011250121 ඇමැතිය හැකිය.

තිබහට වැඩිපුර තැඹිලි බොන්න එපා

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය
කේ. ආර්. අල්විස් වෙදගෙදර,
සුසිලාරාම පාර, මාලබේ.

advertistmentadvertistment
advertistmentadvertistment