ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ නෑ

69

විපක්‍ෂය සහ ඇතැමුන් කියන පරිදි රටේ කිසිදු ආකාරයකින් ඉන්ධන හි`ගයක් ඇති නොවන බව බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඉදිරි මාසයට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සදහා අවශ්‍ය ඩොලර් ප‍්‍රමාණය ලබා දීමට මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වී තිබෙන බව ද කී ඇමැතිවරයා ඉන් ඉදිරියට ඉන්ධන ලබා ගැනීම සදහා ඩොලර් මිලියන 4100ක ණය මුදලක් සැලසුම් කර ඇති බව ද ස`දහන් කළේය.

ඉන් ඩොලර් මිලියන 500ක ණයක් ඉන්දියාවෙන් ලබා ගැනීමට නියමිතව ඇති අතර එය මේ වන විට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ස`දහා ඉදිරිපත් කර ඇති බව ද ඇමැතිවරයා කීවේය.

එසේම ඕමාන් රාජ්‍යයෙන් ඩොලර් මිලියන 3600ක ණය මුදලක් ලබා ගැනීම සඳහා දැනටමත් කැබිනට් අනුමැතිය පවා හිමිවී ඇති අතර ඊට අදාළ ගිවිසුම් සකස් කෙරෙමින් තිබෙන බව ද උදය ගම්මන්පිල මහතා ස`දහන් කළේය.

මේ අනුව ඉන්ධන ලබා ගැනීම පිළිබඳ කිසිදු ගැටලූවක් ඇති නොවන බව ද කී ඇමැතිවරයා එනිසා විපක්‍ෂය සිහින මවන ඉන්ධන හි`ගය කිසිසේත් ම ඇති නොවන බව ද වැඩිදුරටත් පැවසීය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment