යූරියා දිය කෙරූ වතුරක් ගෙන්වා ආණ්ඩුව ගොවියා රවට්ටනවා

99

කාබනික පොහොර යැයි කියමින් සියයට හතරක නයිට‍්‍රජන් ප‍්‍රතිශතයක් ඇති සූරියා දියකර හැදූ ‘‘රසායනික පොහොර වතුරක්’’ ඉන්දියාවට මුදල් ගෙවා මෙරටට ගෙන්වා ගොවියා රැවටීමට ආණ්ඩුව ක‍්‍රියා කර ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා ‘‘දිවයින’’ට ඊයේ (22දා) ප‍්‍රකාශ කළේය.

ගෙන්වනු ලැබ ඇති නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර හරහා සාර්ථක වී අස්වැන්නක් කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

ගොවි ප‍්‍රශ්නය හොඳ හැටි අනාගත් ආණ්ඩුව කෙසේ හෝ ගොවියා කුඹුරට බැස්සවීම වෙනුවෙන් සිය ප‍්‍රතිපත්ති පාවා දී ගොවියා රවටමින් කාබනික පොහොර යැයි පවසමින් විවිධ වූ නම්වලින් යුත් රසායනික පොහොර ලබා දීමට කි‍්‍රයා කරන බවටද කරුණාරත්න මහතා චෝදනා කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා මෙසේද කීවේය.

මේ ගෙන්වනලද නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර යූරියා දිය කරපු රසායනික පොහොරක්. එහි නයිට‍්‍රජන් ප‍්‍රතිශක්තිය සියයට හතරක් පමණයි. හෙක්ටයාරයක ගොවි බිමකට නයිට්රජන් කිලෝ 50ක් අවශ්‍ය වෙනවා. නමුත් ආණ්ඩුව කියන්නේ ලීටර් 2 1/2ක් ඇති කියලයි.

කිලෝ 50ක් අවශ්‍ය තැනට ග‍්‍රෑම් සියයක් දීලා ඇත්ද. විශ්වවිiාල ආචාර්යවරු කියන්නේ හෙක්ටයාරයකට ලීටර් 1250ක් අවශ්‍ය වෙනවා කියලා. එහෙම තියෙද්දී ආණ්ඩුව ඉන්දියාවට සල්ලි ගෙවලා රසායනික පොහොර වතුරත් මෙරට ගොවියාට බෙදා හරිනවා.

ආණ්ඩුව ගොවි ප‍්‍රශ්නය හොඳටම ඇනුවා. කෘෂිකර්ම ඇමැති සමාගම් පැත්තේ. දැන් එයා ඉන්දියාව, පැත්තේ මේ රටේ ගොවියාට ‘බැලන්ස්’ කරන්න මේ ආණ්ඩුවට බැහැ මඩ පොහොර වෙනුවට බණ්ඩි පොහොර දෙනවා. වෙන වෙන නම්වලින් රසායනික පොහොර ගෙන්වනවා. ආණ්ඩුවේ ජාම බේරා ගන්න අස්වනු නෙළනකම් ගොවියා රවටන උප්පරවැට්ටිය තමයි මේ රජය ක‍්‍රියාත්මක කරමින් තියෙන්නේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment