34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල – පාපන්දු කාන්තා ශූරතාව කුරුණෑගලට

96

34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළලේ පාපන්දු කාන්තා අවසන් මහා තරගය කොළඹ හා කුරුණෑගල දිස්ත්‍රික්ක අතර පැවති අතර, මෙහි ශූරතාව ලකුණු 1/0 ක් ලෙස ජයග්‍රහණය කළ කුරුණෑගල දිස්ත්‍රික්කයට හිමි විය.

කොළඹ දිස්ත්‍රික්කයට අනුශූරතාව හිමිවිය. තුන්වන ස්ථානය සඳහා වූ තරගය ගාල්ල හා මඩකලපුව දිස්ත්‍රික්ක අතර පැවති අතර තරග කාලය ඉක්මවන තෙක් කණ්ඩායම් දෙකම ලකුණු ලබා නොසිටි අතර තරග කාලය ඉක්මවූ පසු ලබාදෙන දඬුවම් පහරින් ලකුණු 7/6 ක් ලෙස ලබාගත් ගාල්ල දිස්ත්‍රික්කයට තෙවැනි ස්ථානය හිමි විය.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කළ මෙම ක්‍රීඩා උළලේ පාපන්දු පිරිමි තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා රත්නපුර හා අම්පාර දිස්ත්‍රික්ක තරග වැදුණු අතර ලකුණු 1/0 ක් ලෙස ජයග්‍රහණය කළ රත්නපුර දිස්ත්‍රික්කය අවසන් මහා තරගයට තේරී පත් විය. මඩකලපුව හා ගාල්ල දිස්ත්‍රික්ක අතර පැවති තරගයෙන් ලකුණු 4/2 ක් ලෙස ජයග්‍රහණය කළ මඩකලපුව දිස්ත්‍රික්කය ද අවසන් මහා තරගයට තේරී පත් විය.

රත්නපුර හා මඩකලපුව අතර පිරිමි අවසන් මහා තරගය නොවැම්බර් 16 දා පැවැත්වේ.
ටී. අනිල් සිරිවර්ධන – වස්කඩුව

advertistmentadvertistment
advertistmentadvertistment