තෙල් සංස්ථාව ව්‍යාපාර ආයතනයක් කරයි

286

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.ඊට අදාල කැබිනට් පත්‍රිකාව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන තිබේ.ශ්‍රී ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 1969 වර්ෂයේදී ආරම්භ කර ඇත. පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුමින් සියයට 25ක් පමණ එම පිරිපහදුව විසින් සපයනු ලබන බව රජය කියයි.අදාල පිරිපහදුව යාවත්කාලීන කර තවත් වසර 25ක් පමණ කාලයක් භාවිත කිරීම පිණිස තීරණාත්මක ආයෝජනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනු ගෙන තිබේ. ඒ සඳහා අවස්ථා ආයෝජනයන් දේශීය සහ විදේශීය පුද්ගලික අංශය මගින් සපයා ගැනීමට හැකිවන පරිදි සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වෙනම රාජ්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment