ධීවර සමිතියේ පිරිසක් ගුටි කෙළියක – තුන් දෙනෙක් රෝහලට

55

මිරිදිය ධීවර සමිතියක සාමාජිකයන් පිරිසක් අතර කන්දකැටිය කරමැටිය ප්‍රදේශයේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ තිදෙනෙකු පෙරේදා රාත්‍රියේ (06දා) මීගහකිවුල හා කන්දකැටිය රෝහල්වලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල කරමැටිය පදිංචි අවුරුදු 31, 39 හා 44 ක් වයසැති පුද්ගලයන් තිදෙනකි.

ලොග්ගල්ලා ඔය ජලාශයේ ධීවර කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති රැස්වීමක් අතරතුර ඇති වූ බහින්බස් වීමක් දුර දිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

කන්දකැටිය – ජී. චතුරංග

advertistmentadvertistment
advertistmentadvertistment