නොවැම්බර් අග තෙක් වැසි

790

දිවයිනේ බොහෝ පළාත්වල පවතින වැසි තත්ත්වය නොවැම්බර් මාසය අවසන් වනතුරු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා ‘දිවයින’ට ඊයේ (08 දා) පැවසීය.

මෙම වැසි තත්ත්වය දිවයින පුරා පස්වරු 1.00 න් පමණ පසු පවතින බවත්, මිලිමීටර් 75 ත් 100 ත් අතර වැසි ඇදහැලිය හැකි බවත් හෙතෙම කීය.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ හා ඌව පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇදහැලිය හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

අන්තර් මෝසම් කාලය තුළ සංවහන වැසි ඇදහැලෙමින් පවතින බව ද ඒ මහතා කියා සිටියේය.

කෙසේ වෙතත්, දෙසැම්බර් මුල් සතියේ සිට වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව ද හෙතෙම වැඩිදුරටත් කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment