පකිස්තානය අවසන් හතරට බලාපොරොත්තු දල්වයි

243

2022 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග ඊයේ (03 වැනිදා) පැවති තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 33 ක ජයග්‍රහණයක් වාර්තා කළ පාකිස්තාන කණ්ඩායම අවසන් පූර්ව තරග සඳහා බලාපොරොත්තු ඇති කර ගැනීමට සමත්වූයේය.

මෙවර තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටය යටතේ දෙවැනි කාණ්ඩයෙන් තරග වදින ලද පාකිස්තාන කණ්ඩායම එහිදී ලබා ගත් දෙවෙනි ජයග්‍රහණය මෙය වේ.

ඒ සමගම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා ඉහළ නැගීමට පකිස්තානය සමත්වූ අතර දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියේ ලද පළමු පරාජය ද එය විය.

ඊයේ පැවති තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්තානය නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 185 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 14 තුළදී කඩුලු 9ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 108ක් පමණි.

ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ දකුණු අප්‍රිකාවට පන්දුවාර 14ක් තුළදී ලකුණු 142ක ඉලක්කයක් හිමිවිය.

ඒ අනුව ලකුණු 33ක ජයග්‍රහණයක් ලබා ගත් පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම විශිෂ්ට දස්කම් දැක්වූ ශදාබ් ඛාන් තරගයේ වීරයා සම්මානය හිමි කර ගත්තේය.

පන්දු යැවීමේදී පකිස්තානය වෙනුවෙන් ශහීන් ශා අෆ්රිඩි කඩුලු 3ක් සහ ශදාබ් ඛාන් කඩුලු 2ක් ලබා ගත්තේය.

කසුන් රණවීර ඔස්‌ට්‍රේලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment