නිලධාරීන් විදේශගත වන මුදල් ක්‍රීඩකයින් විදේශගත කිරීමට යොදාගන්නවා

230

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ

ක්‍රීඩාව හා සම්බන්ධව නිලධාරීන් විදේශගත වීමට වැය කරන මුදල් ක්‍රීඩකයින් වැඩි වශයෙන් විදේශගත කිරීමට යොදාගැනීමට කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ පෙරේදා (04 වෙනිදා) මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති කොරියානු තානාපති ටයිකොන්ඩෝ ශුරතාවලියේ ජය සංකේත ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.

නිලධාරීන් විදේශගත වන මුදල් ක්‍රීඩකයින් විදේශගත කිරීමට යොදාගන්නවා

එහිදී ඇමැතිවරයා තවදුරටත් මෙසේද පැවසීය.

ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලි, පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලි හරහා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රටට ගෞරවයක් ගෙන ඒමට අද හැකි වී තිබෙනවා. ඉදිරියේදී ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ද ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගෙන ඒමට මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකිවේවා’යි මම සුබ පතනවා.

ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු කරන ලෙස අපි සෑම සංගමයකින්ම ඉල්ලා සිටිනවා. අපි හැකි උපරිමෙන් ක්‍රීඩාව වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමට එකඟයි.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1800ක් පමණ අයදුම් කර තිබූ බව මට දැනගන්නට ලැබුණා. ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ අනාගතය පැහැදිලියි. දක්ෂ නිලධාරී මණ්ඩලයක් පත් වී සිටිනවා. අද පැවැත් වූ තරගාවලි දෙස බැලුවාම අපිට වැටහෙනවා ඉදිරියේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව රටට කීර්තියක්, පදක්කම් ගෙන එන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහිවෙන බව.

මෙම අවස්ථාවට මෙරට සිටින කොරියානු තානාපති සන්තෝෂ් වොන්ජිං ජියොං ( ී්බඑයමිය උදදබවසබ න්‍ෑධභඨ) මහතා, සභාපති මාස්ටර් ලී මහතා, ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති කංචන ජයරත්න මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති රවීන්ද්‍ර සමරවික්‍රම මහතා, ජාතික ටයිකොන්ඩෝ සංගමයේ සභාපති චමින්ද පුංචිහේවා මහතා ඇතුළු ටයිකොන්ඩෝ සංගමයේ නිලධාරීහු සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment