අයර්ලන්ත ක්‍රිකට් ප්‍රබලයෙක් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

160

අයර්ලන්තයේ සුපිරි ක්‍රීඩක කෙවින් ඕබ්‍රයන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඕබ්‍රයන් මේ බව සඳහන් කර තිබේ.

38 වැනි වියේ පසුවන කෙවින් ඕබ්‍රයන් අයර්ලන්තය වෙනුවෙන් එක්දින තරග 153ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී අයර්ලන්තයේ වැඩිම එක්දින කඩුලු ලාභියා වෙමින් කඩුලු 114ක් බිඳ දැමීමට ඕබ්‍රයන් සමත් වී තිබේ.

ටෙස්ට් තරග 3කට ක්‍රීඩා කර ඇති ඕබ්‍රයන් මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කළ පළමු අයර්ලන්ත ක්‍රීඩකයාද වේ.

මීට අමතරව 2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී පන්දු 50කදී ශතකයක් වාර්තා කිරීමට ඕබ්‍රයන් සමත්වී ඇති අතර එය මේ දක්වා ලෝක කුසලාන තරගාවලියකදී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකයද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment