බාසලෝනා පාපන්දු තරුවට වසර හතරක සිර දඬුවම්

165

හිටපු බ්‍රසීල හා බාසලෝනා පාපන්දු සමාජයේ පාපන්දු ක්‍රීඩකයකු වන ඩෑනී අල්වෙස් හට ස්ත්‍රී දූෂණ චෝදනා මත වසර හතරහමාරක සිරදඬුවමක් නියම කිරීමට ස්පාඤ්ඤ අධිකරණයක් විසින් පියවර ගෙන තිබේ.

40 හැවිරිදි අල්වෙස් ඉකුත් 2022 නව වසර උදාවට පෙර දින ස්පාඤ්ඤයේ බාසලෝනා රාත්‍රී සමාජ ශාලාවේදී කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනා මත ඉකුත් 2023 වසරේ ජනවාරි මාසයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

අල්වෙස්ට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වින්සුරුවරයා විසින් චූදිත පාපන්දු ක්‍රීඩකයාට දූෂණයට ලක් වූ කාන්තාව සඳහා යුරෝ එක් ලක්ෂ පනස්දහසක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කර ඇති අතර වින්දිතයාගේ නඩු ගාස්තු ගෙවීමටද නියම කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment