පරණ බද්දට ගෙනාපු ලූනු එකවර රු. 100කින් උස්සලා

122

ජාතික පාරිභෝගික පෙරමුණ

රුපියල් 140 ක්ව පැවැති ලොකු ලූනු කිලෝවක මිල ඊයේ (21 දා) සිට රුපියල් 240 ක් දක්වා ඉහළ දමා ඇත්තේ කාගේ අනුමැතියෙන් දැයි ජාතික පාරිභෝගික පෙරමුණ ප්‍රශ්න කරයි.

ලොකු ලූනු ආනයනයේදී කිලෝවකට රුපියල් 40 ක බද්දක් පැනවීමට ඉන්දියාව තීරණය කර ඇති අතර ආහාර සුරක්‍ෂිතතාව අනුව ගත් එම තීරණය මෙරටට බලපාන්නේ දෙසැම්බර් මාසයේදී බවත් අඩු බද්දක් යටතේ ගෙන ආ ලොකු ලූනු මිල එකවර රුපියල් සියයකින් වැඩි කිරීම විශාල අසාධාරණයක් බවත් එම පෙරමුණේ නායක අසේල සම්පත් මහතා ‘දිවයින’ට ඊයේ (21 දා) පැවසීය.

පෙරේදා (20 දා) වන තුරු අපේ රටේ ලොකු ලූනු කිලෝවක මිල තිබුණේ රු. 140 ට. ඒ අඩු බද්දකට ඉන්දියාවෙන් ගෙන්වලා. නමුත් ඊයේ (21 දා) සිට ලූනු කිලෝවක් එකවර රුපියල් සියයකින් වැඩි කරලා.

ජනාධිපතිවරයාගේ ආහාර සුරක්‍ෂිතතා කමිටුව මෙහෙම කළ එක ලැජ්ජාවක්. අඩු බද්දට ලූනු ගෙනත් ඉන්දියාවට බද්ද වැඩි කරන්නේ තව මාස කීපයකින් නම් පරණ බද්දට ගෙනාපු ලූනු මේ විදිහට වැඩි කරලා පාරිභෝගිකයන් ගසා කනවා නම් පාරිභෝගික අධිකාරියක් සහ ඇමැතිවරයෙක් මොකටද යැයි හෙතෙම ප්‍රශ්න කරයි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment