පරාටේ අහෝසි කිරීම බැංකු ගණන් ගෙන නෑ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

57

පරාටේ නීතිය අහෝසි කරන්න රජය තීන්දු කළාට බැංකු පද්ධතිය ඒවා අහන්නේ නෑ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යවසායකයන් නගාසිටුවීම සඳහා දුෂ්කරතා අවම කරමින් අවශ්‍ය මූල්‍ය සහාය ලබාදිය යුතු බවත් පරාටේ නීතිය 2024 දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති නමුත් එම තීන්දුව හරියාකාරව වාණිජ බැංකුවට ලැබී නොමැති බවත් හෙතෙම පැවසීය.

මහ බැංකුව මේ සම්බන්ධයෙන් චක්‍රලේඛනයක් නිකුත් කළ යුතු බවත්, එසේ බැංකු පද්ධතිය මෙම නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවත්, පරාටේ නීතිය යටතේ වෙන්දේසි කරන දේපළ තක්සේරු කරන්නේ අදාළ මූල්‍ය ආයතනය නිසා එම දේපළවලට නිසි වටිනාකමක් හිමි නොවී ඇති නිසා නියම වටිනාකමක් තක්සේරුකරණය හා ලබාදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මෙම නීතිය ක්‍රියාත්මක කරන්න යම් කාලයක් යනවා නම් මහ බැංකුවට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හැකියාවක් ඇති බවත්, මේ තරම් වේගයෙන් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යම් සැකයක් මතුවන බැවින් වහාම මහ බැංකුව හරහා චක්‍රලේඛයක් නිකුත් කර මෙම වෙන්දේසිකිරීම් නතර කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment