පුද්ගලයින් දෙදෙනෙක් සහ ගවයින් දෙදෙනෙක් මරු දුටු රිය අනතුරක්

243


හොරොව්පතාන ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදුවූ මෝටර් රථ අනතුරකින් යුද හමුදා සෙබලකු ඇතුළු දෙදෙනෙකු මිය ගොස් ඇත.රථයේ රියැදුරා බරපතල තුවාල ලබා අනුරාධපුරය රෝහලට ඇතුළත් කර තිබේ.කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී වවුනියාව ඒ 09 මාර්ගයේ කිවුලවල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.මෝටර් රථයට ගවයින් දෙදෙනෙකු ගැටීමෙන් රිය පාලනය කරගැනීමට නොහැකි වීම නිසා මෙම අනතුර සිදුව ඇතැයි හොරොව්පොතාන පොලිසිය පවසයි.මෝටර් රථයේ ගැටුණු ගවයින් දෙදෙනා ද මරණයට පත්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment