මළ ගෙදරක ඇවිත් දිය නාන්න ගිය දෙදෙනා ගිලී මරුට

56

කෝලිබැන්දවැවේ ඛේදවාචකය

අවමංගල අවස්ථාවකට සහභාගිවීමට පැමිණි තිදරු පියකු සහ දෙදරු පියකු කෝලිබැන්ද වැවේ දියනෑමට ගොස් දියේ ගිලී මියගොස් ඇති බව කැබිතිගොල්ලෑව පොලිස් මූලස්ථානය කියයි.

පෙරේදා (06 දා) දහවල් මෙම සිදුවීම සිදුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තිදරු පියකු හා 51 හැවිරිදි දෙදරු පියෙකි. ඔවුන් පිහිනීමට නොදන්නාකම හේතුවෙන් දියේ ගිලී මෙලෙස මියගොස් ඇති බව මූලික පොලිස් පරික්ෂණ වලින් හෙළි වූ බව එම මූලස්ථානය ප්‍රකාශ කළේය.

කැබිතිගොල්ලෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මැදවැව ගම්මානයේ මෙම කෝලිබැන්ද වැව පිහිටා ඇත. එහිදී අනතුරට පත්වූ පිරිස මැදවැව ගම්මානයේ තිබූ අවමංගල අවස්ථාවකට සහභාගි වීමට පානදුර සිට පැමිණ ඇත. පවතින දැඩි උණුසුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දහවල් දියනෑම සඳහා එම පැමිණි පිරිස 05 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සමග කෝලිබැන්ද වැවට ගොස් ඇත. එහිදී ඔවුන් ප්‍රධාන නානතොටේ පඩිපෙළට පිවිසෙනවාත් සමගම 38 හැවිරිදි තිදරු පියාගේ පාදයක් ලිස්සා ඇදී ගොස් වැවට වැටී ඇත. එම අවස්ථාවේ ඔහු අසල සිටි 51 හැවිරිදි දෙදරු පියාගේ ඇඟේ එල්ලීම හේතුවෙන් ඔහු ද දියට වැටී ඇත. ඔහුන් ඇල්ලීමට ගිය තවත් දෙදෙනකු දියට වැටී ඇති අතර ඉතුරු වූ එක් පුද්ගලයකු විසින් එම දෙදනා ගොඩට ගෙන ඇත. බේරාගැනීමට යන අවස්ථාව වන විටත් පළමුවෙන් දියට වැටුණු දෙදනා මියගොස් සිට ඇත. අඩි 10 කට ආසන්න ගැඹුරු ස්ථානයක් වන එම ස්ථානයේ,

මියගිය දෙදනා පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපති චමිල රත්නායක මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් සිදු කරයි.

මැදවච්චිය-ගයාන්


advertistmentadvertistment