මැදවච්චිය වකුගඩු රෝගීහු මකර කටේ

213

හිස්ව ඇති වාට්ටු සංකීර්ණය…..

රෝගීන් නවත්වනවාද නැද්ද තීරණය කරන්නේ වෛද්‍යවරුන් – මැදවච්චිය ආයුර්වේද රෝහල් කාර්ය භාර වෛද්‍ය නිලධාරිනී

නේවාසික රෝගීන් ඇතුළත් කර නොගැනීමෙන් මැදවච්චිය වකුගඩු රෝග නිවාරණ ආයුර්වේද පර්යේෂණ රෝහල වෙත ප‍්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීහු දැඩි අසීරුතාවකට පත්ව ඇති බව ප‍්‍රතිකාර සඳහා පැමිණි රෝගීහු පවසති.

ලබන 18 දායින් පසුව නැවත රෝගීන් ඇතුළත් කර ගන්නා බව පවසමින් තන්තිරිමලේ, ශ‍්‍රීපුර සිට නේවාසික ප‍්‍රතිකාර සඳහා පෙරේදා (10 දා) පැමිණි රෝගීන් හරවා හිස් අතින්ම නිවෙස් කරා යැවූ බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

ඒ පිළිබඳ අප සොයා බැලීමේදී 2022 ආරම්භයේ සිට මේ දක්වා මැදවච්චිය වකුගඩු රෝග නිවාරණ ආයුර්වේද රෝහලට නේවාසික රෝගීන් ඇතුළත් කර නොමැති බව රෝගීන් ඇතුළත් කිරීමේ සටහන් පොතින් අපට තහවුරු විය.

වෛද්‍යවරුන් 05 ක්, හෙදියන් 04 ක්, රසායනාගාර පරික්ෂකවරුන් 01 ක්, උපස්ථායකයන් 04 ක් සහ සේවා සහායකයන් 11 දෙනකුගෙන් සමන්විත මැදවච්චිය වකුගඩු රෝග නිවාරණ ආයුර්වේද පර්යේෂණ රෝහල අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ඇති එකම සුවිශේෂී රෝහලයි. රෝහල් පාලනයේ ඇති දුර්වලතා නිසා 2021 මාර්තු මාසයේද මේ අයුරින් ප‍්‍රතිකාර ලබමින් සිටි නේවාසික රෝගීන් දින ගණනාවකට නිවෙස්වලට යැවීමට රෝහලේ බලධාරීන් කටයුතු කර ඇත.

අප මෙම අක‍්‍රමිකතාව පිළිබඳ මැදවච්චිය වකුගඩු රෝග නිවාරණ රෝහලේ කාර්ය භාර වෛද්‍ය නිලධාරිනී මධාරා කුමාරසේකර මහත්මියගෙන් විමසීමක් කළෙමු.

‘‘ඇත්තෙන්ම වෛද්‍යවරු තමයි රෝගීන් නවත්තනවාද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒක මගේ වැඩක් නොවේ. රෝහල් කාර්ය මණ්ඩලයට කොවිඞ් දීමනාව වන රු. 7500 ලබා නොදුන් නිසා ඒ අය වැඩ වර්ජනයකට ගියා. ඒ 2021 දෙසැම්බර් මාසයේ මැද. ජනවාරි පළමුවෙනිදා සිට තාවකාලිකව එය නතර කරලා තියෙනවා. මේ අය එම වැඩ වර්ජනය තියයි කියන සැකයක් අපට තියෙනවා රෝගීන් නවත්වා ගැනීමේදී.’’

මැදවච්චිය – ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment