රවි වෛද්‍යලංකාරට වරෙන්තු

154

මූල්‍ය අපරාධයක් සම්බන්ධයෙන් විත්තිකරුවකුට එරෙහිව පවරා ඇති නඩුවක පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කළ සිතාසි නියෝගය භාරගෙන තිබියදීත් අධිකරණය හමුවේ පෙනී නොසිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (03 දා) වරෙන්තු නිකුත් කළේය.

එම නඩුවේ සාක්‍ෂි විභාගය ඊයේ (03 දා) පැවැති අතර පැමිණිල්ලේ හයවන සාක්‍ෂිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම කෙරෙහි අවධානය යොමුකළ විනිසුරුවරයා වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන අප්‍රේල් 4 වැනිදා දක්වා කල්තබමින් එම වරෙන්තුව නිකුත් කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment