කටමැත දොඩා ඉල්ලගෙන කනේ පාරක් කාලා

621

මෙම ලංගම බස් රථය කොළඹ සිට වත්තේගම දක්වා ගමන් ගත්තේ ඉකුත් බ‍්‍රහස්පතින්දා සවස ය. මේ දිනවල කිරිබත්ගොඩ, කඩවත, තිබෙන වාහන තදබදය මැද ඉදිරියට ඇදුණේ බසයේ ගමන්ගත් මගී ජනතාව පමණක් නොව රියැදුරාද හෙම්බත් කරවමිනි.

‘‘අයියා …මාව ඉස්සරහින් බස්සනවද? තරුණයෙක් බස් රථයේ ඉදිරි දොර අසලට පැමිණ රියැදුරාගෙන් ඉල්ලීමක් කළේය.

‘‘මේවා දුර බස් මඟට නගින්න එපා කියලා කිව්වා නේ’’ රියැදුරාත්, කොන්දොස්තරවරයාත් සද්දෙ දැම්මේ ඒ ආකාරයටය.

කිරිල්ලවලත් පසුකර බසය නතර කළේ තරුණයා බහින්නට බලා සිටි බස් නැවතුම පසුකර මීටර් සීයක්, දෙසීයක් ගිය පසුවය.

බිමට බැසගත් කෙසඟ තරුණයා ගේම ඉල්ලූවේ මෙලෙසිනි.

‘‘පිටකොටුවෙදි හම්බවෙමු. උඹව දණගස්වනවා. රියැදුරුට එය හොඳටම ඇසුණේ බසය නතර කර තිබූ නිසාය.

ඉදිරිපස දොර විවෘත කළ හැඩිදැඩි රියැදුරා පාර අසලම බසය තබා ගොස් තරුණ කෙසඟ තරුණයාගේ කනට ගැසුවේ පිටකොටුවේදී නෙවෙයි දැන් දණගස්සවපන් කියමිනි.

කටමැත දොඩා කනේ පාරක් කෑ තරුණ ම`ගියා ගලක් ගෙන බසය දෙසට එල්ල කරන විටත් ගලට වඩා වේගයෙන් බසය ඉදිරියට ගොස් තිබිණි.

කටමැත දොඩා ඉල්ලන්කාපු තරුණයාට වෙච්ච දෙයක්! බසයේ සිටි තරුණියක හිතවත් රියැදුරුට කීවේ මාසක් එක ගලවා සිනහවකින් සංග‍්‍රහ කරමිනි.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment