විභාගය සමත් 2238කට පෙ.බ. 4දාට පෙර ග්‍රාම නිලධාරි පත්වීම්

133

ග්‍රාම නිලධාරි විභාගය සමත් 2238ක් ලබන පෙබරවාරි 04 දිනට පෙර බඳවාගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

2021 වසරේ අයදුම්පත් යොමුකළ සුදුසුකම්ලත් අපේක්‍ෂකයන් සඳහා දෙසැම්බර් 02 වැනිදා විභාග දෙපාර්තමේන්තුව විසින් විභාගය පවත්වන බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය.

ග්‍රාම නිලධාරීන් සේවා ව්‍යවස්ථාව ඉතා කඩිනමින් සකස් කර එම නිලධාරීන්ගේ පවතින ගැටලු නිරාකරණය කරදීමට

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා තමාට උපදෙස් දුන් බව වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉකුත්දා (24 දා) පැවති ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment