විස්සයි විස්ස ඉදිරි තරග දෙකේ ටිකට් කවුළු වසයි

296


ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට සහ 21 වැනිදා පැවැත්වීමට නියමිත විස්සයි20 තරග දෙකේ ප්‍රවේශපත් අළෙවි කර අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. ඒ අනුව සියලුම ප්‍රවේශපත් කවුළු මේ වන විට වසා ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කොළඹ සහ දඹුල්ල පිහිටුවා තිබූ ප්‍රවේශපත් කවුළු ද වසා ඇති බැවින් එම කවුළු වෙත පැමිණ අපහසුතාවට පත්නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment