ශ්‍රී ලංකාවට ලකුණු 21ක ජයක්

539

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (30) පැවැති තරගයේදී ලකුණු 21ක ජයග්‍රහණය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.එම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 04ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 213ක් රැස් කර ගත්තේය .ඒ අනුව තරගය ජයගැනීම සඳහා නෙදර්ලන්තය ලකුණු 214ක ඉලක්කය හඹාගිය නෙදර්ලන්තය පන්දුවාර 40ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලබාගත්තේ ලකුණු 192ක් පමණි. ස්කොට් එඩ්වඩ්ස් නොදැවී 67, වෙස්ලි බැරීස් 52යි. පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ 31/3, වනිදු හසරංග 53/2 යි.

advertistmentadvertistment
advertistmentadvertistment