පොලිසියට එරෙහි පෙත්සමක් විසිවේ

469

ඉකුත් වසරේ මැයි මස 09 වැනිදා රට තුළ පැවැති ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලීසිය නිසි පියවර ගැනීමට අපොහොසත්වීම තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනයවූ බව සඳහන් කරමින් ගොනුකර තිබූ පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කළේය.ගාලු මුවදොර අරගල භූමියේ ඇතුළු දිවයින පුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලීසිය නිසි පියවර ගැනීමට අපොහොසත්වීම තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනයවූ බව සඳහන් කරමින් “රයිට් ටු ලයිෆ්” සංවිධානය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මෙලෙස විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.අදාළ පෙත්සම සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මතු කළ මූලික විරෝධතා පිළිගනිමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment