සුද්දි කොල්ලෙකුට රිදෙන්න අනියි

12026


වැල්ලවාය පොලිස් වසමට අයත් බුදුරුවගල වදිනහෙළයාය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකුට ඊයේ (27) වෙනිදින එම ප්‍රදේශයේම පදිංචි අඹුසැමි යුවලක් පිහියකින් ඇන පොල්ලකින් සහ යකඩ මිටියකින් පහරදීමෙන් බරපතළ තුවාල සිදු කර ඇත.

මෙලෙස බරපතළ තුවාල ලබාඇත්තේ මලිඳු මල්ෂාන් නැමති තරුණයෙකි.
හෙතෙම බුදුරුවගල ප්‍රදේශයේ අඹ කඩයක වැඩට යන අතරමඟදී සුද්දි නමින් හඳුන්වන බිරිඳ සහ ඇගේ සැමියා පරණ කෝන්තරයක් මත මෙම පහරදීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
පහරකෑමට ලක්වූ තරුණයා මාර්ගය අසල වැටී සිටින බවට ඔහුගේ පියාට දුරකථන ඇමතුමකින් ලද තොරතුරක් මත සිද්ධිය වූ ස්ථානයට ගිය පියා ඔහුව 1990 ගිලන් රථයකින් රෝහල්ගත කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment