මගෙත් එක්ක කවුරුත් බහින්බස් වුණේ නෑ – මෛත්‍රීපාල සිරිසේන කියයි

121

පළාත් පාලන මැතිවරණයට තරග කරන ගම්පහ දිස්ත්‍රික් පක්‍ෂ අපේක්‍ෂකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ඉකුත් (14 දා) පැවැති රැස්වීමක දී අපේක්‍ෂකයන් අතර බහින්බස්වීමක් සිදු වුවත් කිසිවකු තමා සමග කිසිදු බහින්බස්වීමක් සිදු නොවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16 දා) ‘දිවයින’ට පැවසීය.

‘උණුසුම් වචන දෝරේ ගලයි පාක්‍ෂිකයෝ ඇවිස්සෙති’ යන ශීර්ෂ පාඨය ඔස්සේ ඊයේ (16 දා) ‘දිවයින’ මුල් පිටුවෙහි පළවූ පුවතට අදාළව කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එම පුවතේ සඳහන් වූ ආකාරයට තමා සමග එම රැස්වීමේ දී කිසිදු බහින්බස්වීමක් සිදු නොවූ බවත් අපේක්‍ෂකයන් කිහිපදෙනකු අතර යම් මතභේදාත්මක ගැටලුවක් සිදුවන්නට ඇති බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය. පිරිස තමා සමග එකට සිට ඡායාරූප පවා ලබාගත් බවද මෛත්‍රීපාල මහතා සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment