හිටපු තානාපති උදයංග වීරතුංගගේ තහනම් කළ මුදල් යළි ලබාදීම සළකා බැලීමට නීතිපතිවරයාගේ එකඟතාව

99

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ නමින් පවතින බැංකු ගිණුමක පවතින මුදල්, එනම් 2006.06.01 වන දිනට පෙර තැන්පත් කර ඇති මුදල් ඔහු වෙත යළි ලබාදීම සම්බන්ධයෙන් සළකා බැලීමට නීතිපතිවරයා පෙරේදා (13 දා) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදී එකඟතාව පළ කළේය.

ප්‍රශ්නගත මිග් යානා ගනුදෙනුව ආරම්භ වීමට පෙර තැන්පත් කර ඇති එම මුදල් ඉවත් කර ගැනීම වළක්වමින් පනවා ඇති තහනම යළි සලකා බලා මෝසමක් මගින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ට අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

කෙසේ නමුත් උදයංග වීරතුංග මහතා ඉල්ලා ඇති පරිදි ඔහු රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ වසර 09 කට ආසන්න කාලය තුළදී ඔහුගේ තානාපති වැටුප ලෙස එරට බැංකුවක තැන්පත් කොට තිබියදී පසුව ශ්‍රී ලංකාවේ පිහිටි රාජ්‍ය බැංකුවකට යොමුකර ඇති මුදල් ඉවත් කර ගැනීම වළකාලමින් පනවා ඇති තහනම ඉවත් කර ගැනීමේ හැකියාවක් නොමැති බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment