ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සමාගම වන ක්‍්රටසකකි හි මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙළඳ සන්නාමයක් වන KIST අවශ්‍යම මොහොතක ගොවීන්ට උපකාර කිරීමට නැවත වරක් කටයුතු කරමින් ගොවීන් වෙනුවෙන් වන සිය කැපවීම යළිත් ප්‍රදර්ශනය කිරීමට පසුගියදා සමත්විය.

ඒ, ගොවීන්ට විකුණා ගැනීමට නොහැකි වූ අතිරික්ත තක්කාලි තොග මිලදී ගනිමිනි. ඒ අනුව ගඟේයාය (මොණරාගල දිස්ත්‍රික්කය), වැලිමඩ (බදුල්ල දිස්ත්‍රික්කය) හා වංගියාකුඹුර (බදුල්ල දිස්ත්‍රික්කය) යන ප්‍රදේශයන්හි ගොවීන්ගේ අතිරික්ත තක්කාලි කිලෝ මෙට්‍රික් ටොන් 30කට අධික ප්‍රමාණයක් 2024 අප්‍රේල් 26 වනදා මිලදී ගනිමින් ඔවුන්ට ශක්තියක් වීමට කටයුතු කරනු ලැබුවේ එම ගොවීන් සිය අස්වැන්න විකුණාගත නොහැකිව ඉවත දැමීමේ තත්වයකට මුහුණ දෙමින් සිටියදීය.

KIST සමාගම සිය අති නවීන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේදී තක්කාලි සෝස් නිෂ්පාදනය කිරීමට මෙම අතිරික්ත තක්කාලි භාවිත කිරීමට කටයුතු කරනු ඇත. කටාන පිහිටි නිෂ්පාදන කර්මාන්තශාලාව දේශීය තක්කාලි ඉහළම ප්‍රමිතියෙන් යුත් තක්කාලි සෝස් බවට පත් කිරීමේ හැකියාවෙන් පොහොසත් මෙරට එකම නිෂ්පාදන කර්මාන්තශාලාව ලෙසද සඳහන් කළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment