‘කස්තුරි සුවඳ’ ‘ආශා දෑසින්’ කැමරාව මෙහෙයවූ ඩැනී ජීවිත සිනමාවට සමුදෙයි

299

අභාවප්‍රාප්ත ප්‍රවීණ චිත්‍රපට කැමරා අධ්‍යක්‍ෂ ඩැනී ඩබ්ලිව් පතිරණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (3දා) සෙනසුරාදා සවස 3.00ට තලාහේන පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

1967 රෑන ගිරව් චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පියා වශයෙන් එක්වූ ඔහු සේන සමරසිංහ අධ්‍යක්‍ෂණය කළ කස්තුරි සුවඳ , නිල්ල සොයා, ආශා දෑසින් , චංචල රේඛා, යළි හමුවෙන්නයි සහ..

ජෝ මයිකල්ගේ අජාසන්ත අතුළු ආදායම් වාර්තා තැබූ අතිශයින් ජනප්‍රියවූ චිත්‍රපට රැසක කැමරා මෙහෙය විය.

එමෙන්ම බයිසිකලේ, චන්දිරා, කවුළුව, අහිමි දඩයං, ඉන්ස්පැක්ටර්, ගීතා ඇතුළු චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළේ ද ඔහු විසිනි. දේහය හෝකන්දර අරංගල සාම පෙදෙසේ ,අංක 439/12 දරන නිවසේ මහජන ගෞරව සඳහා තැන්පත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment