අනුමැතියක් නැති ෂෙඩ් එන ලකුණු! – තෙල් බෙදුම්කරුවෝ කියති

283

මෙරට ඉන්ධන වෙළෙඳාමට අලුතින් සමාගම් එක්වීමත් සමග ඇතිවී තිබෙන තරගකාරීත්වයත් සමග තෙල් සංස්ථාවේ අනුමැතිය නොමැතිව අලුතින් ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට පටන්ගෙන ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටී.

දැනටමත් එක්තරා සමාගමක් කඩුවෙල ප්‍රදේශයේ අවසර නොගෙන ඉන්ධන පිරවුම්හලක් ඉදිකරන බව ද එම සංගමය පවසයි.

මෙරට ඉන්ධන වෙළෙඳාමට එක්වී සිටින චීන සයිනොපෙක් සමාගමට එම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ලබා ගැනීමත් සමග ඇතිවී තිබෙන තරගකාරීත්වය මත නීති විරෝධී ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට තවත් සමාගමක් පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඛනිජ තෙල් සංස්ථා හා තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිත්වය උසුලන උවයිස් මොහොමඩ් මහතාගෙන්ද විමසා තිබෙන අතර සභාපතිවරයා ලිඛිතව දැනුම් දී ඇත්තේ එවැනි පිරවුම්හලකට අවසර ලබාගෙන නොමැති බවයි.

ඒ අනුව මෙම ඉදිකරන පිරවුම්හලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment